අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් නවත්වන්න යෝජනාවක්

2018-11-19 05:25:00       629
feature-top
අග්‍රාමාත්‍ය ලේකම්වරායා සඳහා රජයේ මුදල් පරිහරණය කිරීමට කිසිදු බලයක් නොමැති බවට පූර්ණ යොජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයට අද(19) පස්වරු 2.00 පමණ බාර දී තිබේ.

මෙම යෝජනාව බාර දෙන බට අද දින පාර්ලිමේන්තුවේ පැවති පක්ෂනායක රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානයක මහතා විසින් දැනුම් දී අති බවට වාර්තා වෙයි.

මේ අතර මෙම යොජනාව පාර්ලිමේන්තුව තුළදී නොවැම්බර් මස 29 දා විවාදයට ගන්නා බවට තීරණය කර ඇති බවට වාර්තා වෙයි.

අදාළ යෝජනාව ර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක, රවී කරුණානායක, නාලක කොලොන්නගේ, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි, චතුර සේනාරත්න යන මහත්වරුන්ගේ අත්සන් යුතුව බාරදී තිබේ.


(under the courtesy of adaderana.lk news web)

More News »