අනුරගෙයි, විජිතගෙයි මතය ජවිපෙ බහුතර මතය නෙවෙයි - දිගු නිහැඬියාවකට පසු ලාල්කාන්ත කතා කරයි

2018-11-19 05:11:00       1583
feature-top
විශ්වාසභංග යෝජනාව සම්බන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන් ක්‍රියා කරන ආකාරය තමාගේ හා තම පක්ෂයේ බහුතර මතය නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත කියා සිටීයි.

මෙය ජනතා විමුක්ති පෙරමුණට අදාල ප්‍රශ්නයක් නොවන බවත් ධනපති පන්තියේ පක්ෂවල ගැටලුවලට ජවිපෙ පක්ෂයක් ලෙස මැදිහත් නොවිය යුතු බව ද කියා සිටීයි.

පවතින දේශාපලන ව්යාකුලත්වය අවසන් වූ පසු පක්ෂයේ දේශපාලන මණ්ඩලය කැදවා මේ පිළිබදව තීරණයක් ගැනීමට කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බව ද අනුරාධපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ලාල්කාන්ත මහතා මේ බව කියා සිටියේ ය.

lanka lead news

More News »