රත් වුණ බෝපේ -එජාප මන්ත්‍රීට ජල ප්‍රහාරයක්

2018-11-19 04:30:00       546
feature-top
බෝපේ පොද්දල ප්‍රාදේශීය සභා රැස්වීම අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

ඒ ප්‍රාදේශීය සභාවේ බහුතරය විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සතු බවට ප්‍රකාශ කරමින් එහි නියෝජිතයෙකු මූලාසනයේ අසුන් ගැනීමත් සමඟයි.

අද පෙරවරුවේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම ආරම්භයට පෙර එහි විපක්ෂයේ සිටින එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් තමන්ට බහුතරය ඇති බැවින් සභාපතිධූරය තමන්ට හිමිවිය යුතු බව පවසමින් මුලසුනෙහි කටයුතු ආරම්භ කරනු ලැබීය.

එම අවස්ථාවේදී එහි සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මන්ත්‍රීවරුන් ඊට විරෝධය පලකළේ සභාපති අසුනෙහි සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයාට ජලප්‍රහාරයක්ද එල්ලකරමිනි.

අනතුරුව එම ස්ථානයට පැමිණි බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තත්ත්වය පාලනය කිරීම සඳහා සභාවේ කටයුතු පැයකට කල් තබනු ලැබීය.

කෙසේ වෙතත් මුලසුනෙහි අසුන්ගෙන සිටි විපක්ෂ මන්ත්‍රීවරයා සභාපති අසුනෙහි තවදුරටත් සිටීම හේතුවෙන් ඔහුව එම අසුනෙන් ඉවත් කිරීමේදි නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය.

අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතාට සුබපතමින් කේක් කැපූ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඊට බාධා කිරීමත් සමඟ නැවතත් නොසන්සුන්  තත්ත්වයක් හට ගනු ලැබීය.

කෙසේ වෙතත් අනතුරුව සභාව රැස්වී නැවත වතාවක් සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරුණි.


(under the courtesy of adaderana.lk news web)

More News »