භික්ෂූන්ට සිදුවු අපහසුව ගැන ජනපතිගේ කණගාටුව

2018-11-19 04:27:00       548
feature-top
බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසක් අද (19) පෙරවරුවේ සංදේශයක් භාරදීමට ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේලාට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් සිදු වූ අපහසුතාවය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකවම සිය කණගාටුව පළ කර සිටින බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

උන්වහන්සේලා අද දිනයේ දී ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන බවට දැනුවත් වී නොතිබූ අතර, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට උපදෙස් ලබා දුන් අයට එරෙහිව වහාම පරික්ෂණයක් පැවැත්වීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

අනතුරුව අදාළ ස්වාමින් වහන්සේලා ඇතුළු පිරිස හමු වී සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා උන්වහන්සේලා විසින්  පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අධිකරණ කටයුතුවලට අදාළව ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් සහිත ලිපිය භාරගනු ලැබීය.


(under the courtesy of adaderana.lk news web)

More News »