සන්ධානය වැඩි පිරිස බව කතානායක පිලිගනී..අද සභාවෙන් සැගවුණු හේතුව හෙලිවෙයි

2018-11-19 03:26:00       1308
feature-top
පාර්ලිමේන්තුවේ සිටින සන්ධාන ආණ්ඩුවේ මන්ත‍්‍රී පිරිසට වඩා එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී පිරිස අඩු පන කතානායක කරු ජයසූරිය මහතා විසින් පිලිගත් බව ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අද කතානායකවරයා සභාවට නොපැමිණියේ සභාවට මුහුණ දිය නොහැති තත්ත්වයක් ඇති ව තිබූ නිසා යයිද ගුණවර්ධන මහතා සදහන් කලේය.

අගමැතිවරයෙක් පත් කිරීමේ හෝ ඉවත් කිරීමේ බලයක් කතානායකට නැති බව පක්ෂනායක රැස්විමේදී පැවසූවේ යයිද ඔහු සදහන් කලේ පාර්ලිමේන්තු සංකීර්නයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අගමැති කාර්යාලයේ මුදල් ප‍්‍රතිපාදන කපා හැරීමට විපක්‍ෂ විසින් ඉදිරිපත් කල යෝජනාව ගැන අදහස් පල කරමින් ඇමතිවරයා කියා සිටියේ මුදල් පිළිබඳ යොජනාවක් ඉදිරිප්ත කල හැක්කේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් බවයි.
(under the courtesy of lankacnews.com news web)

More News »