බොදුබල සේනාවට කඳුළු ගෑස් ප්‍රහාරයක්

2018-11-19 02:50:00       835
feature-top
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

දැනට සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන මෙන් ඉල්ලා මෙම පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනා.

මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අවට මාර්ග වල රථවාහන තදබදයක්ද පවතිනවා.


(under the courtesy of adaderana.lk news web)

More News »