කථානායකවරයා හැසිරුනේ තෙමුන ඌරුමීයෙක් වගේ

2018-11-17 05:21:00       518
feature-top
විනාඩි 10ක් වත් ගත වීමට පෙර මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය කථානායකවරයා භාර ගත් බවත් වසර 25ක් පාර්ලිමේන්තුවේ සිටියත් කිසිදාක මෙසේ සිදුවී නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද (17) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

අධිකරණයේ නඩුවක් පවතිද්දී කථානායකවරයා පාර්ලිමේන්තුවේ එයට පිටුපාමින් ක්‍රියා කළ බවත් පාර්ලිමේන්තුවේ ඇතිව තිබෙන නොසන්සුන් කාරී තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි නම් ගෞරවයෙන් යුතුව ඉල්ලා අස්විය යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

සිදුවූ අපකීර්තියේ හතරෙන් තුනක වගකීම කථානායකවරයා භාර ගත යුතු බවත් ද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

එසේම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී මංත්‍රීවරුන් තම ආසන වලින් නැඟිට කතානායකතුමාට ගරු නොකිරීමට හෝ ඉඩ පවතින බවයි.

එම මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිළමේ මහතා පැවසූවේ ඉතිහාසයේ පළමු වරට එක්සත් ජාතික පක්ෂයේ පිරිස මෙලෙස අශෝභන ලෙස හැසිරේමින් හූ කියන තත්ත්වයක් ඇති වූ බවත් එම තත්ත්වයට ඉඩ දී කථානායකවරයා කිසිවක් සිදු නොකර සිටි බවත් ය.

කැලෑ නීතිය අනුව මේ වන විට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු සිදු වන බවත් කථානායකවරයාගේ හැසිරීම පැවතියේ තෙමුන ඌරුමීයෙකු ලෙසින් බවත් ඔහු පැවසීය.

එම මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැවසුවේ පාර්ලිමේන්තු මහලේකම්ට පවා කළකිරී ඇති තත්ත්වයක් මේ වන විට ඇතිවී තිබෙන බවයි.


(under the courtesy of adaderana.lk news web)

More News »