ඉක්මනින් මහමැතිවරණයක් ප්‍රදේශ රැසක විරෝධතා

2018-11-17 04:12:00       508
feature-top
හැකි ඉක්මනින් මහමැතිවරණයක් පවත්වන ලෙස බලකරමින් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා පැවැත් විය.

ඒ අනුව කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ විරෝධතාවයක් ඊයේ පිළියන්දලදී පැවැත් විය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ තවත් විරෝධතාවක් මොරටුව නගරයේදීද පැවැත් විය.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් පොදුජන පෙරමුණ සංවිධානය කළ විරෝධතාවක් හෝමාගමදී පවත්වා ඇත.

එම විරෝධතාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත්පාලන නියෝජිතයින්ද එක්ව සිටියේය.

මේ අතර පොදුජන පෙරමුණ සංවිධානය කළ තවත් විරෝධතාවක් මොණරාගල ප්‍රාදේශිය සභාව ඉදිරිපිටදී පැවැත් විය.

එම විරෝධතාවයට මොණරාගල ප්‍රාදේශිය සභාව නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයින් විශාල පිරිසක් එක්ව සිටියාය.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලෙසට ඉල්ලමින් සංවිධානය තවත් විරෝධතාවක් කුරුණෑගල නගරයේදී පැවැත් විය.

එමන්ම තවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ තවත් විරෝධතාවයක් නොච්චියාගමදී පැවැත් වූ අතර එම විරෝධතාවයට උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් මහතාද එක්ව සිටියාය.


(under the courtesy of adaderana.lk news web)

More News »