කවුද අද ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළේ?

2018-11-16 05:21:00       579
feature-top
පරාජය දැන සිටි පිරිස් අද දිනයේ මර්දනකාරී ලෙස හැසිරුණු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ මොහොතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

නිල නොවන නීතියානූකූල නොවන ලෙස පත් වුණ දේශපාලන පක්ෂයක් වශයෙන් සියලු දෙනා අද පාර්ලිමේන්තුව තුළ හැසිරුණ බව ද ඔහු කියා සිටියේය.

අද පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති බැවින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු වියරුවෙන් හැසිරුණ බව ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේය.

පසුගිය දා සිදුවු අතපසුවීම නිවැරදි කර ගනිමින් අද දිනයේ දී නැවතත් විශ්වාසභංගයක් ගෙන ඒමට සියලු කටයුතු යොදා තිබුණු බවත්, ඒ සියල්ල විනාශ කර දැමු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ද පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දී ඇති බව දක්නට ලැබු බවත්, ඒ බව එතුමා විසින් ඊයේ දිනයේ දී නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය තුළින් දක්නට ලැබුණ බවත් පැවසීය.

අද දිනයේ දී ප්‍රධානම අභියෝගය ජයග්‍රහණය කළ බවත්, තමාට අදටත් රටේ ජනපති මෛත්‍රීපාල සිරිසේන බවත්, අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා වන බවත් පැවසු සජිත් ප්‍රේමදාස මහතා, ඔවුන් දෙපල කථා කර රජයක් පිහිටු වීමේ ක්‍රියාවලිය ඉදිරියට කළ හැකි බව ද පැවසිය.


(under the courtesy of adaderana.lk news web)

More News »