මරණ දඬුවම නියමවූ සිරකරුවෙකු මරා දමයි

2018-11-16 04:42:00       805
feature-top
අඟුනුකොලපැලැස්ස  බන්ධනාඝාරය තුලදී මරණ දණ්ඩනය නියම වී සිටි සිරකරුවන් දෙදෙනෙකු එක්ව, මරණ දණ්ඩනය හිමිවී සිටි වෙනත් සිරකරුවෙකු කළුගලකින් ගසා ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය  අද :(16) දහවල් 12.30 පමණ සිදුකර ඇති අතර, මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී මරණ දණ්ඩනය නියමවී සිටි මේනක සංජීව නමැති වයස වුරුදු 39ක් වන පුද්ගලයෙකි.

 මෙම ඝාතනය  සිදුකල දෙදෙනාද මරණ දණ්ඩනය නියම වී සිටි නිමල් හා මෙන්ඩිස් යන අය බව බන්ධනාගාරය නිලධාරියෙකු කිඔය සිටියා. මේ සම්බන්ධයෙන් අඝුනුකොලපලැස්ස පොලිසිය හා එක්ව පොලිස් පරීක්ෂණයක්ද සිදුකරමින් තිබේ.


(under the courtesy of nethnews.lk news web)

More News »