මහින්ද - මෛත්‍රී සමගිය රකිමු, රට රකින්න ඒ සමගිය ඕනෑ - ගෝලීය ශ්‍රීලාංකික සංසදය-Video

2018-11-16 04:26:00       521
feature-top
විජාතිකයන්ගේ ගොදුරක් බවට පත්වෙමින් පැවති ශ්‍රී ලංකාව නැවත වටයකින් එක්සේසත්කොට සියලුම ජනතාවට සහජීවනයෙන් ජීවත් වීමට සදහා අවස්තාව උදා කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ ඓතිහාසික තීන්දුව පිළිබද විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලෙස ඇගයීමට ලක් කරන බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පවසයි.

අද (16) පෙරවරුවේ රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු සභාපති ජගත් චන්ද්‍රවංශ මහතා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෛත්‍රී – මහින්ද එකතුව රට රැකීමට අවශ්‍ය බවත් එම සමගිය රැකීම සදහා ජාතිභේදයක්න්, පක්ෂ භේදයකින් තොරව එකාවන්ව පෙළ ගැසිය යුතු බවය.

අද පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති තත්වය හමුවේ අන්තවාදයට කප්පම් නොදෙන මධ්‍යස්ථ මත ධාරීන්ගෙන් සමන්විත ආණ්ඩුවක් පිහිටුවීමට අතිගරුජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරනු ඇතැයි තම සංවිධානය විශ්වාස කරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේය.
lanka lead news

More News »