තෙවරප්පෙරුම පිහියක් රැගෙන පාර්ලිමේන්තුවේදී කළ සෙල්ලම - Photos

2018-11-15 04:10:00       1158
feature-top
අද පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පිහියක් වැනි යමක් රැගෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පහර දීමට පැමිණි ආකාරය දැක්වෙන ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

ඔහුගේ ප්‍රහාරයෙන් වැළකීමට ඇතැම් මන්ත්‍රීවරුන් විවිධ ආකාරයේ උත්සහයන් ගන්නා අයුරු දක්නට ලැබෙනවා.

ඔහු අත තිබු පිහියක් වැනි ආයුධයෙන් ප්‍රහාරයක් එල්ල වූයේ නම් තත්ත්වය දරුණු විය හැකි බවයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පැවසුවේ. මේ සිද්ධියෙන් පසුව පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද තෙවරප්පෙරුම මහතා පිහියක් වැනි ආයුධයක් රැගෙන පාර්ලිමේන්තුවට පැමිණි බවට චෝදනා එල්ල කළා.
(under the courtesy of hirunews.lk news web)

More News »