ජරමර අස්සේ "ගජ" ලංකාවට කිට්ටු වෙයි

2018-11-14 02:12:00       933
feature-top
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘ගජ’ සුළි කුණාටුව අද (14) දින උදෑසන 05.30 වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 660 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.1 සහ නැගෙනහිර දේශාංශ 85.3 ආසන්නයේ ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව පවසයි.

ඉහත පද්ධතියේ බලපෑම හේතුවෙන් හෙට (15)  දින සවස් කාලයේ සිට උතුරු පළාතේ සුළගේ වේගය සහ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

යාපනය අර්ධද්වීපයේ මි. මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක. උතුරු පළාතේ සෙසු ප්‍රදේශවල මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රීක්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

උතුරු පළාතේ, විශේෂයෙන් යාපනය අර්ධද්වීපය හරහා හමන තද සුළං (පැ.කි.මී. 60-70) ඇතිවිය හැකි අතර සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 80 දක්වාවැඩි විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැක.


(under the courtesy of adaderana.lk news web)

More News »