"එජනිස" විරෝධය පළ කරයි

2018-11-14 01:33:00       824
feature-top
හඬ සහ ඇසට පෙනෙන දර්ශනය අනුව ආණ්ඩුවට බහුතරය නොමැති බවට කථානායකවරයා කළ ප‍්‍රකාශයට එක්සත් ජනතා නිදහස් සන්ධානය විරෝධය පළ කරනවා.

ඒ පිළිබඳ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනෙෂ් ගුණවර්ධන මාධ්‍ය වෙත අදහස් දැක්වමින් විරෝධය පළ කළා. එහිදී සඳහන් කෙරුණේ කථානායකවරයා සිරකරුවෙකු වී ඇති බවයි.


පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න ද මෙහිදී අදහස් පළ කළා.

පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටතට පැමිණි විජිත් විජයමුණි මන්ත‍්‍රීවරයා ද මෙහිදී අදහස් පළ කළා.

ඔහු සඳහන් කළේ තමාට පක්ෂ දේශපාලනයක් ඇති බවත් ඉදිරියටත් හෘද සාක්ෂියට අනුව දේශපාලනයේ නිරත වන බවයි.


(under the courtesy of nethnews.lk news web)

More News »