අධික ශීතලෙන් බලපෑම්

2018-11-14 09:00:00       623
feature-top
ඉන්දියාවේ හිමාලයා කලාපයට ශීත කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබේ.

එහි පහළම උෂ්ණත්වය ශ්‍රී නගර් වෙතින් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක තුනක් ලෙස සටහන්ව තිබේ.

අධික හිමපතනයක් සමගින් ඉන්දියාවේ හිමාලයා කලාපයට ශීත සෘතුව උදා වී තිබේ.

කෙසේ වෙතත් සාමාන්‍ය කාලයට පෙරාතුව හදිසියේ හිම පතිත වීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසීය.

සූදානම් වූ කාලයට පෙර එළෙඹි ශීත සෘතුව පිළිගත් කාෂ්මීරය ඇතුළු උතුරු ඉන්දීය වැසියන් වූල් වලින් කළ කබාවලින් සැරසී ක්‍රමයෙන් පහළ බසින උණුසුමට සූදානම්ව සිටින ආකාරය දැකගැනීමට හැක බව සඳහන්ය.

එහි පහළම උෂ්ණත්වය ශ්‍රී නගර් වෙතින් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක තුනක් ලෙසින් සටහන්ව තිබීම හේතුවෙන් එළිමහන් ස්ථානවල රැඳී සිටීම ඉතාමත් අපහසු  බව පළාතේ ජනතාව පවසන බව විදෙස්වාර්තා පැවසීය.

මේ අතර ඉදිරියේදී මේ කලාපයට අධික වැසි සහ හිම පතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ බලධාරීන් අනාවැකි පළකර අවසන්ය.

කෙසේ වෙතත් ලොව ශීත රටවලට සාපේක්ෂව දකුණු ආසියානු කලාපයේ ශීත සෘතුව වඩා උණුසුම් බව විශාරදයින් පෙන්වා දෙයි.

එහෙත් ආසියාතිකයන්ට ශීතල දරාගැනීම තරමක් අපහසු බැවින් එවන් උණුසුම් ශීත සෘතුවකදී පවා ඔවුන්ට වැඩි බලපෑම් එල්ල වෙයි.

තරමක් හෝ දැඩි ශීත සෘතුවක බලපෑම හිමිවන්නේ ඉන්දියාවේ ජම්මු කාෂ්මීර් ප්‍රාන්තයට වන අතර ඒ කාලයේදී උතුර ඉන්දීය ප්‍රාන්ත වන පන්ජාබ්, හර්යානා, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවලට සහ නවදිල්ලි නගරයට වැඩි ශීතල තත්ත්වයක්ද බලපාන බව ඉන්දීය වාර්තා පවසයි.


(under the courtesy of adaderana.lk news web)

More News »