ගාසා තීරය යළි උණුසුම්

2018-11-13 12:35:00       725
feature-top
යුද ගැටුම් හේතුවන් ගාසා තීරයේ යළිත් උණුසුම් වී තිබේ.

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙසින් පලස්තීනයද මෝටාර් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ගැටුම් තවදුරටත් තීව්‍රව පවතියි.

ගාසා තීරයේ පලස්තීනයට අයත් රූපවාහිනී ආයතනයකට එල්ල වූ ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් අදාළ ගොඩනැඟිල්ල විනාශයට පත්ව තිබේ.

ප්‍රහාරයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මෙතෙක් තහවුරු කර නැතත්, අල් අක්සා රූපවාහිනී නාලිකාවට සිදුව ඇති හානිය සලකා බැලීමේදී එය සැලකිය යුතු අගයයක් විය යුතු බවයි විදෙස් මාධ්‍ය අනාවැකි පළකරන්නේ.

ප්‍රදේශයෙන් ජනතාව ඉවත්කරන ලෙස ඊශ්‍රායලය දුරකතනය ඔස්සේ ප්‍රහාරයට පෙර දැනුම් දී ඇති බවත් විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් හැකි තරම් කඩිනමින් සිය විකාශන කටයුතු යළි ආරම්භ කිරීමට තමන් සූදානම් බව ඊශ්‍රායලය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර අදාළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙසින් ඊශ්‍රායලයේ දකුණුදිග අශ්කේලොන් ප්‍රදශෙයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීමට පලස්තීනය කටයුතු කර තිබුණි.

ගාසා තීරයේ සිට රොකට් සහ මෝටාර් ප්‍රහාර 300කට වැඩි ප්‍රමාණයක් එල්ල වූ බවයි ඊශ්‍රායල බලධාරීන් පැවසුවේය.

ඉන් පුද්ගලයින් 10දෙනෙකු පමණ තුවාල ලැබූ බවත් සඳහන් වෙයි.


(under the courtesy of adaderana.lk news web)

More News »