දුර්ලභ රෝස පැහැති දියමන්තියක්

2018-11-13 12:34:00       704
feature-top
දුර්ලභ ගණයේ රෝස පැහැ දියමන්තියක් අද (13) දිනයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි වෙන්දේසියකදී වාර්තාගත මිලකට අලෙවි වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

එම දියමන්තිය අමෙරිකානු ඩොලර් මිලියන 50 ක පමණ මිලකට වෙන්දේසි වනු ඇති බව වාර්තා වන්නේය.

කැරට් 19 වර්ගයේ මෙම රෝස පැහැ දියමන්තිය මීට වසර 100 කට පමණ පෙර දකුණු අප්‍රිකාවේ පතලකින් සොයාගෙන තිබූ බව සඳහන් වේ.

කෙසේවෙතත් අදාල දියමන්තියේ හිමිකරු පිළිබඳව වෙන්දේසිය සිදුකරන්නන් විසින් අනාවරණය කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම රෝස පැහැ දියමන්ති වර්ගය අතිශය අලංකාර හා අනර්ඝතම දියමන්ති වර්ගයක් ලෙස සැලකේ.


(under the courtesy of adaderana.lk news web)

More News »