එළඹෙන මැතිවරණයෙන් තුනෙන් දෙකක් ගන්නා බව පොහොට්ටුව කියයි

2018-11-12 04:13:00       325
feature-top
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් හිමි කර ගන්නා බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. මේ, ඔවුන් අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන.

2015 ජනවාරි මාස 08 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජය ගන්නවා. ඒ වගේම ඒ වසරේ අගෝස්තු 18 වෙනිදා තිබ්බ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික  ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවට මන්ත්‍රීධුර 106ක් ලැබෙනවා. සන්ධානයෙන් තරග කල අපට ලැබෙනවා මන්ත්‍රිධුර 95ක්. මගේ තර්කය තමයි එදා අපිට මන්ත්‍රිධුර 95ක් ලැබුනා නම් මෙවර මහ මැතිවරණයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් අපිට තුනෙන් දෙකක බලයක් පාර්ලිමේන්තුවේ ලබා ගන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් තිබෙනවා යැයි ඔහු කියා සිටියා.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් තරග වදින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.


 


(under the courtesy of nethnews.lk news web)

More News »