ජානිපෙ මුසම්මිල්ට තම පක්‍ෂයට එක්වන්නැයි බදියුදීන්ගෙන් ආරාධනා..

2018-11-12 04:08:00       632
feature-top
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතාට තම පක්‍ෂයට එක් වන්නැයි රිෂාඞ් බදියුදීන් මහතා විසින් ආරාධනා කර ඇත.

අද පෙරවරුවේ අලූත්කඬේ උපරිමාධිකරණ සංකීරණයේදී බදියුදීන් මහතා මෙම ආරාධනාව කරමින් සදහන් කර ඇත්තේ මහනුවර දිස්ත‍්‍රික්කයෙන් තම පක්‍ෂ නියෝජිතයා ලෙස එක්වන ලෙසයි.

කෙසේ වෙතත් මුසම්මිල් මහතා එම යෝජනාව එම යෝජනාව ඉතා මිත‍්‍රශීලිව ප‍්‍රතික්‍ෂෙප කර ඇතැයිද වාර්තා වෙයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැදවීමට විරුද්දව ගොනු කර ඇති පෙත්සම්වලට මූලික විරෝධතා අත්සන් කිරීම සදහා මුසම්මිල් මහතා අධිකරණයට පැමිණි අවස්ථාවේදී මෙම ආරාධනාව සිදුව ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »