මිනිස් සිරුරට කොපමණ ජලය අවශ්‍යද?

2018-11-12 12:37:00       731
feature-top
මිනිසාට මූලික ෙදෙනික අවශ්‍යතාවක් ලෙස ජලය ඉතාමත් වැදගත් ද්‍රව්‍යයකි. මිනිසකුගේ ශරීරයේ 60-65ක් අතර ප්‍රමාණයක් ජලය වෙයි. කුඩා දරුවන්ගේ දේහයේ ඇති ජල ප්‍රමාණය දේහ බරින් ඊට සාපේක්ෂව වැඩිය. එනම් 65-70 අතර ප්‍රමාණයකි. මිනිසාගේ ශරීරයේ ජලය සියලු ෙසෙල තුළ, ෙසෙල අතර, රුධිර ප්ලාස්මාව, දේහයේ ඉන්ද්‍රියන් තුළ ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙයි. සාමාන්‍ය මිනිසකු තුළ ජලය ලීටර් 45 එනම් ගැලුම් 10ක් පමණ ඇත.
මිනිස් සිරුරට ජලය අවශ්‍ය වන්නේ මන්ද? මිනිස් සිරුර තුළ සිදුවන සමස්ත ක්‍රියාවන්ගේ එකතුව (නව ෙසෙල සෑදීම /ශක්තිය නිපදවීම වැනි) පරිවෘත්තීය ක්‍රියා ලෙස හඳුන්වයි. සාමාන්‍ය ජීවි දේහයක එදිනෙදා පරිවෘත්තීය ක්‍රියා පවත්වා ගැනීමට ජලය මාධ්‍යයක්, ප්‍රතික්‍රියකයක්, හොඳ ද්‍රාවකයක් ලෙස ක්‍රියා කරයි. එමෙන්ම ශරීරයේ සෑම අවයවයක්ම එකිනෙකට සම්බන්ධිකාරක කාර්යය ඉටු කරන රුධිරයේ ඇති ද්‍රව්‍යමය කොටසේ ප්‍රධාන අන්තර්ගතය ජලයයි. තවද වසා තරලයේ (ජීවි දේහය ආරක්ෂා කරන) ප්‍රධාන සංඝටකය ජලයයි.
ශරීරය තුළ සිදු කරන ජීව රසායනික ක්‍රියාදාමයට මාධ්‍යයක් වන ජලය උපකාරී වේ. ආහාර ගන්නා විටදී බොහෝ විට අප ජලය ලබා ගන්නේ ආහාර ජීර්ණය සිදු වීමට අවශ්‍ය රසායනික මාධ්‍යයේ තනුකතාවය වැඩිකොට ජීර්ණ එන්සයිම සමග වැඩි පෘෂ්ඨිය ක්ෂේත්‍ර ඵලයක ආහාර ගැටීමටයි. නමුත් ආහාර ගන්නාවිටදී වැඩිපුර ජලය පානය කිරීම ප්‍රශස්ථ ජීරක මාධ්‍යයකට බාධා පමුණුවයි. මෙම ජීරක එන්සයිම ගබඩා කරන්නේද ජලීය මාධ්‍යයකයි. ආහාර ගිලීමට තෙතමනය අත්‍යවශ්‍ය වෙයි. ආහාර ගුලි ආහාර මාර්ගයේ අවහිර වූ විටදී ප්‍රථමාධාර ලෙස ලබා දෙන්නේ ජලයයි. එවිට ආහාර මාර්ගයේ ඇති ස්නේහකවලට අමතරව ස්නේහක ගුණයක් ලබාදෙයි. ආහාර ජීර්ණය අවසානයේ ඇති ‍පෝෂක අවශ්‍ය දේහ මධ්‍යස්ථානයට පරිවහනය වන මූලික මාධ්‍යය ජලයයි. ආහාරයේ අඩංගු ‍ප්‍රෝටීන, කාබෝහයිඩේ්‍රට්, න්‍යෂ්ටික අම්ල ශරීරයට අවශෝෂණය වීමට පෙර ජල විච්ජේදනය කළ යුතුයි.
ඛිෙටය, ආමාශික යුෂය, පිත, අග්න්‍යාශික යුෂය විවිධ ග්‍රන්ථිවල ස්‍රාවයන්ගේ ජලය ප්‍රමාණය ලීටර් 8ක් පමණ වෙයි. මිනිසුන් ගන්නා ආහාරවලද ජලය සැලකිය යුතු ලෙස අඩංගු වෙයි. එදිනෙදා අප ගන්නා එළවළු, බත්, පලතුරු ආදියේද ජලය ඇත.
ආහාර ගැනීමට පමණක් නොව අප ගන්නා ආහාර වල ජීර්ණය අවසාන කොටස් පහ කිරීමටද ජලය අවශ්‍යයයි. ජලය මගින් මලපහ කොටස් වලට ස්නේහනය ලබා දෙයි. ශරීරයේ වැඩිපුර පවතින අයන වර්ග, යුරියා, අනෙකුත් ද්‍රව්‍යය ජලය සමග එකතු වී මුත්‍රා ලෙස බැහැර කරවයි.
ප්‍රජනනය සඳහාද ජලය අවශ්‍යය බව ඔබ දැන සිටියාද?  ප්‍රජනනයේදී ඩිම්බ හා ශුක්‍රාණු ගමන් කිරීමට තරලමය මාධ්‍යයක් අවශ්‍යයයි. එය ජලය මගින් සපුරාලනු ලබයි. ශුක්‍රාණු යෝනි මාර්ගයේ ඇති තරලමය මාධ්‍යය ඔස්සේ සරු ඩිම්බයක් සොයා පිහිනා යාම සිදු කරයි. යෝනි මාර්ගයට ලිහිස ගුණය ලබාදීමට ජලය උපකාරී වෙයි. මෙය උපත සිදුවීමද පහසු කරවයි.
මිනිසකුගේ ෙදෙනික ජල අවශ්‍යතාවය මිලි ලීටර් 2300 වෙයි. නමුත් ඊට සමාන ප්‍රමාණයක් මුත්‍රා ලෙස, දහඩිය මගින්, ප්‍රාශ්වාස වාතයේ ජල වාෂ්පී ලෙස, මල සමග පිට වෙයි. ශරීර ගත වන ජල පරිමාවට වඩා පිටවන ජල පරිමාව අඩු වුවහොත් ශරීරය ක්ෂණිකව විජලනය වී ශරීරයේ පරිවවෘත්තීය ක්‍රියා අඩාල වීම නිසා දේහය දුර්වල වෙයි. සාමාන්‍යයෙන් අධික උෂ්ණ ප්‍රදේශවලදී පැයකට ජලය ලීටර් 1, 5, 2 අතර ප්‍රමාණයක් පිට වෙයි.
ඇස, මුඛය, මොළය වටා ප්‍රදේශය තෙත්ව තබා ගැනීමට ජලය උපකාරී වෙයි. ෙසෙල අතර පීඩනයට, උෂ්ණත්වයට තෙතමනයට, දේහ අයන සමතුලිතතාවයට, දේහය සිසිල්ව තබා ගැනීමටද ජලය උපකාරී වනු ඇත.
විශේෂයෙන්ම රූපලාවන්‍ය උපදෙසක් ලෙස ජලය අධිකව පානය කිරීමට උපදෙස් ලබා දෙන්නේ ජලය මගින් දේහ ෙසෙල වල පරිමාව වැඩි කොට ෙසෙලවල පිරිපුන් ස්වභාවය පවත්වා ගැනීමටයි. නැතිනම් සම වියළීම නිසා හැකිලී යයි. දේහයේ පෘෂ්ටිමත් ස්වභාවය පහත වැටෙයි.

ශරීරය රෝගී අවස්ථාවලදී වමනය, පාචනය වැනි ක්‍රියා නිසා ජලය අධික ලෙස පිටවෙයි. ජල සමතුලිතතාව පවත්වා ගැනීමට නම් දිනකට ජලය ලීටර් 2.3 - 2.5 පමණ වැඩිහිටියකු පානය කළ යුතුයි.
මිනිස් සිරුරේ කාර්යක්ෂම ක්‍රියාවලි සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වර්ග 50ක් පමණ ඇත. මේවා එකිනෙකට ශරීරය පුරා පරිවහනයට ජලය අවශ්‍ය වෙයි.
මෙවැනි බහුලව උපකාරී ජලය එදිනෙදා කොතරම් පානය කළද ජලයේ සුපිරිසුදු බාවය පවත්වා ගැනීමට උණුකර නිවා ගැනීම හෝ ජලය පිරිසිදු පෙරහන් භාවිත කිරීම නිරෝගී භාවය පවත්වා ගැනීමට මනා පිටුවහලක් වෙයි.

lakbima

More News »