ලෝක නායකයින්ට ඉල්ලීමක්

2018-11-12 12:26:00       619
feature-top
ජාතිවාදය ප්‍රතික්ෂේප කරන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියි.

පළමු ලෝක යුද්ධයේ සියවස් සැමරුම් උත්සවය අතරතුර ඔහු මේ බව සඳහන් කළේය.

පළමු ලෝක යුද්ධය අවසන්වී සියවසක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ විශේෂ සැමරුම් උත්සවයක් ප්‍රංශයේදී පැවැත් විය.

එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් , රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් ඊට සහභාගිවී සිටියේය.

එහිදී ලෝක නායකයින් අමතමින් මැක්‍රොන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජාතිවාදය යනු දේශප්‍රේමීත්වය පාවාදීමක් බවයි.

එබැවින් ජාතිවාදය ප්‍රතික්ෂෙප කරන ලෙසත් ඔහු ලෝක නායකයින්ගෙන් එහිදී ඉල්ලා සිටියේය.

මේ අතර පළමු ලෝක යුද්ධයේ සියවස් සැමරුම සනිටුහන් කිරීම සඳහා ලෝක නායකයින්ගේ සහභාගිත්වයෙන් පැරීසියේදී සාම සමුළුවක් පැවැත්වූ අතර ඊට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගිවී නැහැ.

දින තුනක් පුරා පැවැත්වෙන එම සමුළුව ජාත්‍යන්තර සහයෝගිතාව  වර්ධනය කර ගැනීමට අඩිතාලමක්ද වනු ඇතැයිද සඳහන්.


(under the courtesy of adaderana.lk news web)

More News »