පාර්ලිමේන්තුවේ සියළු රූපවාහිනී යන්ත‍්‍ර අවහිර කරයි

2018-11-09 04:49:00       585
feature-top
පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති සියළුම රූපවාහිනි යන්ත‍්‍ර ක‍්‍රියාත්මක වීම දැඩි ලෙස සීමා කර ඇති බව වාර්තා වෙයි.

ඒවායේ නාලිකා ක‍්‍රියාත්මක වන්නේ දහවල් 12.00 සිට 01.00 දක්වා වූ පැයක කාලයේදී පමණි.

පාර්ලිමේන්තුවේ ඇති විශේෂිත පුද්ගලයන්ගේ කාර්යාල වල පවා රූපවාහිනී යන්ත‍්‍ර ක‍්‍රියාත්මක වන්නේ එම කාල සීමාවේදී පමණක් යයි වාර්තා වෙයි.

මේ තත්වය නිසා පාර්ලිමේන්තුවට පැමිණෙන ජනාධිපතිවරයා මෙන්ම විදෙස් රාජතාන්ත‍්‍රිකයන්ද බොහෝ අවස්තාවල අපහසුතාවයට පත් වන්නේ යයිද පැවසෙයි.

පාර්ලිමේන්තු සේවකයන් රූපවාහිනී නරඹමින් කාලය ගෙවා දමන නිසා මෙම පියවර  ෙගන ඇති බව පැවසුවත් තොරතුරු දැන ගැනීමේ පනත පවා ගෙනා පසුගිය ආණ්ඩු කාලයේ මෙම කටයුත්ත කර තිබීම කණගාටුවට කරුණක් යයි ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රිවරයෙක් පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »