මන්ද මානසික තරුණයාගේ පොලූපහරින් බරපතළ තුවාල ලැබූ 16 හැවිරිදි සිසුවා මරුට

2018-11-09 10:58:00       154
feature-top
යක්කලමුල්ල, උඩුමලගල ප‍්‍රදේශයේ මාර්ගයක තිබු ගසක් කැපීමෙන් ඇතිවු ආරවුලක් දුරදිග යෑමෙන් මන්දමානසික තරුණයකු විසින් එල්ල කළ පොලූ පහරකින් බරපතළ තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතකාර ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවකු 7 දා රාත‍්‍රි මිය ගොස් ඇත.
 
 මෙකී පාසල් සිසුවා උඩුමලගල, වඩුගෙදරවත්තේ මාර්ගයක් ශුද්ධ කිරිමේ දී මාර්ගයක තිබු ගසක් කපා ඉවත්කොට ඇත’ එම අවස්ථාවේ මන්දමානසික තරුණයා විසින් මෙම පාසල් සිසුවාට පොල්ලකින් පහරදී ඇත. සිසුවාට පහරදීම සඳහා පොල්ල ගෙනවිත් දී ඇත්තේ මන්දමානසික තරුණයාගේ සහෝදරයකු බව පොලිසිය පවසයි. ඔක්තෝබර් මස 01 වැනි දින මෙම සිද්ධිය සිදුවී ඇති අතර පොලූ පහරින් බරපතළ තුවාල ලැබු පාසල් සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.
 
 මියගොස් ඇත්තේ ගල්වඩු ආචාරිගේ සිචිදු මදුරංග 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.

යක්කමුල්ල පොලිසිය මගින් මෙකී ඝාතනයට සම්බන්ද මන්දමානසික තරුණයා හා ඔහුගේ සහෝදරයා සිද්ධිය වු දිනම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති බැව් යක්කලමුල්ල පොලිසිය පවසිය.
 
 පසුව මන්දමානසික තරුණයාගේ සහෝදරයා ඇප මත මුදාහැර තිබුණි. පාසල් සිසුවාගේ ඝාතනය වීමත් සමග මන්දමානසික තරුණයාගේ සහෝදරයා නැවත අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරික්ෂණ පවත්වයි. මියගිය පාසල් සිසුවාගේ මහේස්ත‍්‍රාත් පරික්ෂණ ඊයේ (08) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි
(under the courtesy of hirunews.lk news web)

More News »