ඉතිහාසයේ වැඩියෙන් වියදම් වන මැතිවරණය අවසන් අදියරට

2018-11-07 09:30:00       723
feature-top
ඇමෙරිකාවේ මධ්‍යකාලීන කොංග්‍රස් මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් අදියරට පැමිණ තිබේ.
 
විදෙස් මාධ්‍ය පවසන්නේ ඩිමොක්‍රටික් පක්ෂය විසින් මේ වන විටත් වර්ජීනියා හා ෆ්ලෝරීඩා යන ප්‍රාන්ත ජයග්‍රහණය කර ඇති බවට මත පළ වී බවයි.

එසේම අදාළ ප්‍රාන්ත දෙක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයේ තිබූ කලාප බව සඳහන් වෙයි.

කෙසේවෙතත් දේශපාලන විචාරකයින් පවසා ඇත්තේ මෙම මැතිවරණයෙන් අනතුරුව 2020 වර්ෂය වන තුරු වෙනත් මැතිවරණයක් නොපැවැත්වෙන බවත් මෙම මැතිවරණයේ ප්‍රතිඵල,  එළඹෙන ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් වන ජනමත විචාරණයක් වනු ඇති බවත්ය.

මෙම කොංග්‍රස් මණ්ඩල මැතිවරණය අමෙරිකානු ඉතිහාසයේ වැඩිම මුදලක් වැය කරමින් පැවැත්වූ මැතිවරණය බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. 

(under the courtesy of adaderana.lk news web)

More News »