ගැහැනු පිරිමි ලක්‍ෂණ වලට බලපෑම් කරන හෝමෝන වෙනස්‌කම්

2018-11-05 11:37:00       269
feature-top
ගැහැනු පිරිමි දෙපාර්ශවයේම ලිංගික දුබලතා මතුවීම ආදිය ඇතිවිය හැකියි

ගැහැනු දරුවකු වැඩිවියට පත්වීමේදී ඊස්‌ට්‍රජන් සහ ප්‍රොජෙස්‌ටරෝන් හෝමෝනය ක්‍රියාකාරී වෙනවා

පිරිමි දරුවකු වැඩිවියට පත්වීමේදී ටෙස්‌ටොස්‌ටෙරෝන් හෝමෝනය ක්‍රියාකාරී වෙනවා

ඊට අමතරව මෙම දෙපාර්ශවයටම බලපාන ප්‍රොලැක්‌ටින් (ඡරදක්‌ජඑසබ) නමැති හෝමෝනය තිබෙනවා

මෙය කිරිදෙන මවුවරුන්ට වැඩිවෙනවා

ගැහැනු දරුවකුට සුකොමළ සිරුරකුත් පිරිමි දරුවකුට පිරිපුන් සිරුරකුත් තිබිය යුතු බව පවසති. ගැහැනු දරුවකුගේ සුකොමළ බව යනු දිගු වරලසක්‌, පැහැපත් සමක්‌, මෘදු කටහඬක්‌ වැනි ලක්‍ෂණ පැවැතීමය. පිරිපුන් සිරුරක්‌ සහිත පිරිමි දරුවකු යනු ගැඹුරු කටහඬක්‌, රෝම කූප පිරුණු සිරුරක්‌ ආදිය සහිතවීමය.

මෙය කොතෙක්‌ දුරට නිවැරදි දැයි කියා නිගමනය කළ නොහැකි වුවත් වෛද්‍ය විද්‍යාත්මකව ගැහැනු දරුවකුගේ සිරුරේ ක්‍රියාකාරී වන හෝමෝන සහ පිරිමි දරුවකුගේ සිරුරේ ක්‍රියාත්මක වන හෝමෝන අනුව දෙපාර්ශවය තුළ දැකිය හැකි පැහැදිලි ශාරීරික වෙනස්‌කම් අතරට අප මුලින් සඳහන් කළ ශාරීරික ලක්‍ෂණද පවතී.

weda2වෛද්‍යතුමනි, ගැහැනු දරුවකුගේත් පිරිමි දරුවකුගේත් ශරීරයේ ක්‍රියාකරන හෝමෝන පිළිබඳව පැහැදිලි කිරීමක්‌ කළ හැකිද?

ගැහැනු දරුවකු වැඩිවියට පත්වීමේදී ඊස්‌ට්‍රජන් සහ ප්‍රොජෙස්‌ටරෝන් හෝමෝනය ක්‍රියාකාරී වෙනවා.

පිරිමි දරුවකු වැඩිවියට පත්වීමේදී ටෙස්‌ටොස්‌ටෙරෝන් හෝමෝනය ක්‍රියාකාරී වෙනවා.

මෙම හෝමෝනවල ක්‍රියාකාරිත්වය අනුව ඔවුන්ගේ ද්විතීයික ලක්‍ෂණ පෙන්නුම් කරනවා.

ඊට අමතරව මෙම දෙපාර්ශවයටම බලපාන ප්‍රොලැක්‌ටින් (ඡරදක්‌ජඑසබ) නමැති හෝමෝනය තිබෙනවා.

මෙය කිරිදෙන මවුවරුන්ට වැඩිවෙනවා.

අනෙක්‌ අයට මෙය වැඩිවුණොත් ඔවුන් තුළ ද්විතීක ලිංගික ලක්‍ෂණ මතුවීම අඩුවෙනවා. එනම් ගැහැනු ළමුන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම හෝ නැවතීම, ගැහැනු පිරිමි දෙපාර්ශවයේම ලිංගික දුබලතා මතුවීම ආදිය ඇතිවිය හැකියි.

ටෙස්‌ටොස්‌ටෙරෝන් හෝමෝනය ගැහැනු ළමයින්ගේ වැඩිවූ විට ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව, රෝම කූප අධිකව වර්ධනය ආදිය හටගන්නවා.

එසේම මේ සියල්ලේ එකතුව ඔවුනට ඇතිවිය හැකි රෝගයක්‌ ලෙස පොලිසිස්‌ටික්‌ ඕවේරියන් සින්ෙඩ්‍රාම් (ඡදකහජහිඑසජ දඩැරහ Sහබාරදපැ) දැක්‌විය හැකියි. (ඡCධී)

එවිට ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, මුහුණේ සහ සිරුරේ අනෙක්‌ ප්‍රදේශවල රෝම කූප අධිකව වර්ධනය, මඳසරු බව, මුහුණේ කුරුලෑ අධිකව හටගැනීම ආදිය සිදුවෙනවා.

තයිරොක්‌සින් හෝමෝනය ක්‍රියාකාරිත්වය වෙනස්‌ වීම දරුවන් තුළ බහුලව දක්‌නට ලැබෙන්නේ නැහැ.

නමුත් වැඩිහිටියන් තුළ තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රදාහයට ලක්‌වීම (Aමඑදසපපමබැ ඔයහරදසාසඑසි) වර්තමානයේ බහුලව දක්‌නට ලැබෙනවා.

ඊට බොහෝදුරට හේතු වී ඇත්තේ අයඩින් මිශ්‍ර ලුණු වැඩිපුර ආහාරයට ගැනීමයි.

මෙමගින් ශරීරය විසින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයට එරෙහිව ක්‍රියාකිරීමක්‌ ඇතිවෙනවා.

මෙම තත්ත්වය නිසා පසු කාලයේදී තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අක්‍රිය වීම, එහි පටක විනාශවීම ආදිය සිදුවෙනවා.

පිරිමි දරුවන්ට ඇතිවන හෝමෝන වෙනස්‌කම් සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ අධික ස්‌ථුලභාවයයි.

එවිට ඔවුන්ගේ පියයුරු වර්ධනය අධිකව සිදුවීම, ලිංගේන්ද්‍රිය වර්ධනය ප්‍රමාද වීම ආදිය දැකිය හැකියි.

වෛද්‍යතුමනි, මෙවැනි හෝමෝන වෙනස්‌කම් සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

මෙවැනි හෝමෝන වෙනස්‌කම් ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇති කරුණක්‌ වනුයේ අධික ස්‌ථුල භාවයයි.

එනිසා ගැහැනු පිරිමි බේදයකින් තොරව දරුවන්ගේ ශරීරයේ උසට සරිලන බරක්‌ පවත්වාගෙන යැමට වැඩිහිටියන් පියවර ගත යුතුයි.

ඒ සඳහා ව්‍යායාම කිරීම, ක්‍රීඩා කටයුතුවල නිරත වීමට අවස්‌ථාව උදාකිරීම ආදිය කළ යුතුයි.

ඇතැම් විට සංකීර්ණ හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ටෙස්‌ටොස්‌ටෙරෝන් ශ්‍රාවය කරන ග්‍රන්ථිවල සහ ඇඩි්‍රනල් ග්‍රන්ථයේ හෝ ඩිම්බකෝෂවල ගැටිති හට ගැනීම නිසා සහ සංජානීය ඇඩි්‍රනල්ස්‌ අධික්‍රියාකාරිත්වය (ඤබටැබසඒක adරුබ්ක යහචැර ඡක්‌sස්‌) නිසාත් හෝමෝන වෙනස්‌කම් ඇතිවිය හැකියි.

එවිටත් ගැහැනු දරුවන්ගේ සහ පිරිමි දරුවන්ගේ ද්විතීයික ලක්‍ෂණ වල වෙනස්‌කම් ඇතිවිය හැකියි.

එබැවින් ගැහැනු දරුවන්ගේ ශරීරයේ රෝම කූප අධික බව, කුරුළෑ අධික බව ස්‌ථුලභාවය, ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමුම, අලස බව, මන්දොaත්සාහී බව ආදී ලක්‍ෂණ පවතී නම් වෛද්‍ය උපදෙස්‌ ලබාගැනීම වැදගත්ය. එවිට එම රෝග ලක්‍ෂණ මතුවීමට බලපා ඇති හේතු හඳුනාගෙන ඊට ප්‍රතිකාර කළ හැකියි.

විශේෂයෙන්ම ගැහැනු දරුවන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමුමක්‌ ඇත්නම් තයිරොක්‌සින් හෝමෝනය පිළිබඳව සිදුකරන පරීක්‍ෂාවකට (ඔSH) වෛද්‍ය උපදෙස්‌ මත යොමුවීම කළ යුතුයි.

devaina

More News »