අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 12ක්

2018-11-05 10:16:00       712
feature-top
මේ දිනවල පවතින අයහපත් කාලගුණයෙන් ඉතාලියේ සිසිලි  දූපතේ පුද්ගල මරණ 12ක් පමණ සිදුව තිබේ.

ඒ සමඟ මියගිය මුළු ගණන 30කට ආසන්න බව විදෙස් වාර්තා සඳහන් කළේය.

දැඩි සුළං සහ වර්ෂාව සහිත අයහපත් කාලගුණයෙන් ඉතාලියට මේ දිනවල දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ.

මේ සමඟ නායයෑම් කිහිපයක්ද සිදුව ඇති අතර ප්‍රදේශ රැසකම ගංවතුර තත්ත්වයක් දක්නට ලැබේ.

අයහපත් කාලගුණයෙන් නිවාස, රථවාහන ඇතුළු දේපළ රැසක් මෙලෙස විනාශවී තිබුණි.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් සිසිලි දූපතේ පුද්ගලයින් 12 දෙනෙකු පමණ මියගොස් තිබේ.

එකම පවුලේ සාමාජිකයින් නව දෙනෙකුද ඒ අතර වන බව සඳහන් වෙයි.

ඒ සමඟ අයහපත් කාලගුණය හේතුවෙන් එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 30දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා පවසයි.


(under the courtesy of adaderana.lk news web)

More News »