මාධ්‍යවේදියා ඝාතනය කර ඇත්තේ කොන්ත්‍රාත්තුවකට

2018-11-03 09:56:00       701
feature-top
සෞදි රජය විසින් මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කළ බව තුර්කි ජනාධිපති රිසෙප් ටායීප් පවසා තිබේ.

සෞදි රජයේ කොන්ත්‍රාත්තුවක් මත එය සිදුවූ බව විදෙස් මාධ්‍යයක් වෙත ලියූ ලිපියක තුර්කි ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

තුර්කි ජනාධිපතිවරයා විසින් සෞදි රජය සෘජුව විවේචනය කළ ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් සෞදි රජු අදාළ ඝාතනය සඳහා මැදිහත් වී ඇති බවට තමන් විශ්වාස නොකරන බව තුර්කි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේය.

සෞදියෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ ජීවත්ව ඇති අතර පසුගිය මස දෙවනදා ඔහු තුර්කි කොන්සල්කාර්යාලයේදී ඝාතනයට ලක්විය.
(under the courtesy of adaderana.lk news web)

More News »