පරිප්පු, සීනි බදු පහළට

2018-11-02 01:01:00       779
feature-top
දේශීය ගොවීන් ආරක්ෂා කරන අතරතුර ඉහළ ජීවන වියදම හේතුවෙන් ඇතිවී ඇති පීඩනය සමනය කිරීමට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද, පරිප්පු සඳහා කිලෝග‍්‍රෑමයකට රු. 5 කින් ද, කඩල සඳහා කිලෝග‍්‍රෑමයකට රු.  5 කින්ද, උදු සඳහා කිලෝග‍්‍රෑමයකට රු. 25 කින්ද, අඩු කෙරේ.

තිරිඟු ඇට සඳහා පැවති කිලෝග‍්‍රෑමයකට රු. 6ක් වූ තීරුබදු සහනය රු. 9 දක්වා වැඩි කෙරේ.

සීනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අදාල කෙරෙන අතර එය කිලොග‍්‍රෑමයකට රු.10 කින් අඩු කෙරේ. ඒ අනුව අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල වහාම අඩු කෙරේ.

මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ආර්ථිකය සවිගැන්වීම සඳහා මෙම මූලාරම්භයන් ක‍්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත.


(under the courtesy of adaderana.lk news web)

More News »