අධිකරණ විනිසුරුවරයෙකුට අමාත්‍ය ධූරයක්

2018-11-02 10:13:00       617
feature-top
බ්‍රසීලයේ  අධිකරණ විනිසුරුවරයෙකු වන සර්ජියෝ මෝරෝ නව අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පත් කර තිබේ.

ප්‍රමුඛ පෙලේ දූෂණ විරෝධි විනිසුරුවරයෙකු ලෙස සැලකෙන සර්ජියෝ මෝරෝ එරට අධිකරණ හා මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් පත් කර ඇත්තේ අන්ත දක්ෂිනාංශික නව ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ විසිනි.

ජනාධිපතිවරයා සහ සර්ජියෝ මෝරෝ ඊයේ(01) දින රියෝද ජනෙයිරෝ හිදී හමුවී නව තනතුර භාරගෙන තිබේ.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දු කිහිපයක් හේතුවෙන් සර්ජියෝ මෝරෝ බ්‍රසීලයේ වැඩි අවධානයට ලක් වු අයෙකු වෙයි.


(under the courtesy of adaderana.lk news web)

More News »