ඔබ කෑමට ගන්නා ගොටුකොළ සහ මුකුණුවැන්න ගැන කවුරුත් නොදත් දෙයක් හෙළිවෙයි -Video

2018-11-01 12:26:00       406
feature-top
වෙළඳපොලේ අලෙවිකරන මුකුණුවැන්න හා ගොටුකොළ වල අධික ප්‍රමාණ වලින් කෘෂි රසායනික ද්‍රව්‍ය අන්තර්ගතව ඇති බව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

පළා කොළ ජලයෙන් සේදුව ද එම කෘෂි රසායන ඉවත් නොවන බව අදාල පර්යේෂණයේදී හෙළි කරගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

කළුතර, මහනුවර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වල වානිජමය වශයෙන් වගා කෙරෙන මුකුණුවැන්න සහ ගොටුකොල යොදා ගනිමින් පලිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලය මෙම පර්යේෂණය සිදු කර තිබෙනවා.

පලිබෝධ නාශක යොදා දින 7 කට පසුව ලබා ගත් සාම්පල පරීක්ෂාවට ලක් කර ඇත්තේ අති නවීන විද්‍යාගර තත්ත්ව යටතේයි.

‍සමබල ආහාර වේලක අනිවාර්යෙන්ම අඩංගු විය යුතු සංඝටකයක් ලෙස පලා වර්ග සැලකෙන අතර පෝෂණවේදීන් පෙන්වා දෙන්නේ ඒවා අමුවෙන් ආහාරයට ගැනීම වඩා සුදුසු බවයි.

දේශිය වෛද්‍ය විද්‍යාවට අනුව අක්ෂි රෝග ඇතුළු රෝග රැසකට මුකුණුවැන්න සහ ගොටුකොල ඉතා ගුණදායක බව සැලකෙනවා.

ඒ නිසාම මෙරට ජනතාව බහුලව පරිභෝජනය කරන පලා වර්ග අතර ඉහළින්ම තිබෙන්නේ ගොටුකොල සහ මුකුණුවැන්නයි.



(under the courtesy of hirunews.lk news web)

More News »