ඉන්දුනීසියාවේදී කඩාවැටුණු ගුවන් යානයේ කළුපෙට්ටිය සොයාගනී

2018-11-01 12:10:00       725
feature-top
ඉන්දුනීසියාවේ ජාකර්තා වෙරළට ඔබ්බෙන් කඩාවැටුණු ගුවන් යානයේ කළු පෙට්ටිය මේ වනවිට සොයාගෙන තිබෙනවා.

එම ගුවන් යානය කඩාවැටුණු මුහුදු ප්‍රදේශයේදී සොයාගත් කළුපෙට්ටිය කිමිදුම්කරුවන් විසින් මේ වනවිට ගොඩබිමට රැගෙනවිත් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පුද්ගලයන් 189 දෙනෙකු සමඟ පසුගිය සඳුදා කඩා වැටුණු ලයන් එයාර් ගුවන් යානයේ සිටි මගීන්ගේ සිරුරු සෙවීම සඳහා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 අනතුරට ලක්වූ යානයේ වැඩිහිටි මගීන් 178 දෙනෙකු, කුඩා ළමයෙකු, ළදරුවන් දෙදෙනෙකු මෙන්ම නියමුවන් දෙදෙනෙකු හා කාර්ය මණ්ඩලයේ තවත් 6 දෙනෙකු ද සිටියා.


(under the courtesy of hirunews.lk news web)

More News »