මරණ දඬුවම හිමිවූ කාන්තාවකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදහස

2018-11-01 12:06:00       696
feature-top
දඬුවම් නියමව තිබූ  කාන්තාවක් නිදොස් කොට නිදහස් කිරිමට පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

මුහම්මත් නබිතුමන්ට  අවමන් කිරිමේ චෝදනාවට වරදකාරිය වූ ආසියා බිබි නමැති මෙම කාන්තාවට 2010 වසරේදී මරණ දඬුවම නියම වී තිබුණි.

තමන් අදාළ චෝදනාවට නිර්දෝෂී  බව ඇය දිගින් දිගටම ප්‍රකාශ කර ඇති අතර වසර 08ක් තිස්සේ ඇය හුදකලාව රඳවා තැබීමට  ද පියවර ගෙන ඇත.

කෙසේවෙත් මෙම නියෝගය ලබාදීමත් සමඟ දේව අපහාසයට විරුද්ධ නීතිඥයාට සහය පල කරන දැඩි මතධාරීන් පාකිස්ථානය තුළ විරෝධතා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

පාකිස්ථානයේ, කරච්චි, ලාහෝර්, පේෂාවර් වැනි නගරවල විරෝධතා පැවැත්වෙන අතර විරෝධතාකරුවන් පොලීසිය සමග ගැටුම් ඇති කරගෙන ඇති බව ද සඳහන් වෙයි.
(under the courtesy of adaderana.lk news web)

More News »