"පාරමී වසන්තිට මුදල් දෙන්න එපා කියූ සුසන්තිකා ශෙලින්ඩාටත් බැන වැදිලා" යොවුන් කණ්ඩායම විනාශ කරවන සුසන්තිකාගේ තවත් කුහකකම් හෙළිවේ!

2018-10-22 03:55:00       1971
feature-top
මෑත යුගයේ ක්‍රීඩිකාවක් වශයෙන් ශ්‍රී ලංකාවට මළල ක්‍රීඩාවෙන් විශාලම සේවයක් සිදු කළේ ඇය ය. ඒ මවුබිම් වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක්, ලෝක ශූරතා තරගාවලි පදක්කම් සහ ආසියානු මළල ක්‍රීඩා පදක්කම් රැසක් දිනු සුසන්තිකා ජයසිංහය. අන්ත දුෂ්කරතා මධ්‍යයේ ඇය මවුබිම වෙනුවෙන් සිදු කළ කැපකිරීම සුලුපටු නොවේ. අපගේ මෙම විවේචනය සුසන්තිකා ජයසිංහ නම් ක්‍රීඩා නිළධාරිණියට එරෙහිව විනා මවුබිම වෙනුවෙන් අපමණ ගෞරවයක් ගෙන ආ සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාවට එරෙහිව නොවේ.

ක්‍රීඩා අමාත්‍යංශයෙන් තනතුරු, වරදාන ලැබූ සුසන්තිකා මේ වන විට යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායමේ අනාගතය විනාශ වන අන්දමින් හැසිරෙන බව නෙත් ගොසිප් වෙත වාර්තා වේ. සුසන්තිකා ජයසිංහ යොවුන් කණ්ඩායම භාර නිළධාරිණිය ලෙස පත් කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසිනි.

වාර්තා වන අන්දමට ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමාත්‍යවරයාගෙන් ක්‍රීඩාවට අවශ්‍ය උදව් උපකාර ඉල්ලු අවස්තාවල ක්‍රිඩා අමාත්‍යවරයා එම පහසුකම් ලබා දීම ප්‍රතික්ෂේප කළ විට සුසන්තිකා ජයසිංහ අමාත්‍යවරයාට සහය දි තිබේ. ඇය ක්‍රීඩා අමාත්‍යවරයාට පවසා ඇත්තේ "අපෝ සර් තඹ සතයක් දෙන්න එපා ඔය ළමයි දුවන්නෙ නෑ. ඔය ඉල්ලන්නෙ බොරුවට" ලෙසින් බව වාර්තා වේ. ඇයම එලෙසින් පහසුකම් ලබා දීම ප්‍රතික්ෂේප කළ ක්‍රීඩිකාවක් ආසියානු කුසලාන පදක්කමක් ගෙන ආ විට තමන් යටතේ පුහුණු වීමට පැමිණෙන ලෙසද සුසන්තිකා බල කර තිබේ.

සුසන්තිකාගේ මීටර් 200 ජාතික වාර්තාවට අභියෝගයක් විය හැකි යොවුන් ක්‍රීඩිකාවක් මෙවර යොවුන් ඔලිම්පික් උළේලේදි මතු විය. ඒ මීටර් 200 එක් ඉසව්වක් ජය ගත් ශෙලින්ඩා ජැන්සන් ය. ශෙලින්ඩා වාර්තා කළ කාලය 24:07:17 කි.  1992 වසරේදී සුසන්තිකා මීටර් දෙසීය වාර්තා කළ කාලය 25:67ක් වූ අතර ඇය දැඩි කැපවීමකින් සීග්‍රයෙන් සිය දක්ෂතාව වර්ධනය කර ගත්තේය. මේ අතර සුසන්තිකා ජයසිංහ ගුවන් තොටුපලේ ශෙලින්ඩාට දෝ්ස් මුරයක් දමා ඇති බව ද වාර්⁣තාවේ.

චරිත් කපුකොටුව ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී වීම සම්බන්ධයෙන් වූ ගැටලුවේදීද සුසන්තිකා ජයසිංහ සිදු කර ඇත්තේ පිදුරු දැමීමකි. ක්‍රීඩාව හෝ ක්‍රීඩකයා වෙනුවෙන් සිටගනු වෙනුවට ඇය කර ඇත්තේ ඇය වෙනුවෙන් ඇයගේ තනතුර වෙනුවෙන් සිට ගැනීමයි.

යාපනයේ පැවැති මළල ක්‍රීඩා උළේලේදි මීටර් 800 ඉසව්වට සහභාගී වූ නිමාලි ලියනආරච්චි එම ඉසව්වේ වසර 24ක් පැරණි ධම්මිමා මැණිකේ සතුව තිබූ වාර්තාව බිඳ දැම්මේය. එවිට හිටපු ක්‍රීඩිකා ධම්මිකා මැණිකේ සහ සුසන්තිකා ජයසිංහ, නිමාලි ලියනආරච්චිට වාර්තාව ලබා නොදි විරෝධය දැක්වීමට තරම් කුහක විය. එහිදි සුසන්තිකා ජයසිංහ, ධම්මිකා මැණිකේ සමග එක්ව නිමාලිට වාර්තාව ලබා නොදීමට බලපෑම් කළේය. අවසානයේ ධම්මිකා මැණිකේ, නිමාලිට එරෙහිව මානව හිමිකම් කවුන්සලයට යෑමට තරම් කුහක විය.

එදා සුසන්තිකාගේ තර්කය වූයේ නිමාලි ලියනආරච්චිගේ කාලය මැන්නේ ඉලෙක්ට්‍රොනික් උපකරණ භාවිතයෙන් නොවන බවයි. නමුත් ඇයට ඉලෙක්ට්‍රොනික් කාල මැනීමේ යන්ත්‍ර ගෙන්වා ගැනීමට අමාත්‍යවරයාට උපදෙස් ලබා දිය නොහැකි විය.

කෙසේ වෙතත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකා ධම්මිකා මැණිකේ සහ සුසන්තිකා ජයසිංහගේ කුහකත්වය මැද මාස හයක් යෑමට මත්තෙන් ගයන්තිකා හා නිමාලී නැවත දිියගමදී විද්‍යූත් කාලය යටතේ නැවත 800 වාර්තාව අලුත් කලාය. අවසානයේ සුසන්තිකා සහ ධම්මිකා හමස් පෙට්ටියට ඇද වැටින.

සුසන්තිකා ජයසිංහ දක්ෂ ක්‍රීඩිකාවක් වුවද අතිශය දුර්වල නිළධාරිනියෙකි. ඇයට යොවුන් කණ්ඩායමේ අනාගතය භාර දීම යොවුන් කණ්ඩායම විනාශ කිරීමක් වැනිය. තමන් තැබූ වාර්තා යොවුන් ක්‍රීඩිකාවන් බිද දමනවාට සුසන්තිකා අකමැතිසේය. යොවුන් ක්‍රීඩිකාවක් තමන් ලැබූ ජයග්‍රහණ ලබා ගන්නවාටද සුසන්තිකා අකමැති සේය. එම නිසා සුසන්තිකා ජයසිංහ වහාම එම තනතුරෙන් ඉවත් නොකළහොත් විනාශ වන්නේ යොවුන් මළල ක්‍රීඩා තරුවන්ගේ අනාගතයයි.


(under the courtesy of nethgossip.lk news web)

More News »