"මේක අවුස්සලා.. මෝදි අගමැතිතුමාවත් දැනුවත් කරලා" SB කියයි

2018-10-22 02:30:00       485
feature-top
ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණ ප‍්‍රමාදවීම ගැටළුවක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක පවසනවා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ද තර්ජනයක් බවයි මන්ත‍්‍රීවරයා කියා සිටියේ.

ඉන්දියාවේ රෝ සංවිධානය පිළිබඳ පළවන වාර්තාවන්ට ද මන්ත‍්‍රී එස්. බී. දිසානායක ප‍්‍රතිචාර දැක්වූවා.

"ඒකත් එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණයක්. ජනාධිපතිතුමා එහෙම එකක් කියලා නෑ. නමුත් කැබිනට් එක ඉවර වුණාට පස්සේ එජාප ඇමතිවරු කිහිපදෙනෙක් එහෙම එකක් ජනාධිපතිතුමා කිව්වා කියලා ප්‍රකාශ කරලා. එවෙලෙම අගමැතිතුමා ඉන්දියාවට කතා කරලා  ඒ ගැන සාකච්ඡා කරන්නත් එයා වෙලාවක් ඉල්ලගෙන... මේක අවුස්සලා..මේක පිළිබඳ මෝදි අගමැතිතුමාවත් දැනුවත් කරලා..රටත් සමග සහ ජනාධිපතිතුමාත් සමග ඉන්දියාව තබා ඇති මිත්‍රත්වය හොඳහිත පළුදු කරන්න කරපු කුමන්ත්‍රණයක් තමයි එක්සත් ජාතික පක්ෂයේ රෝ කතාව."

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මෙම අදහස් පළ කළේ මහනුවර ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
(under the courtesy of nethnews.lk news web)

More News »