පාරේ ගිය අය අඩි 100 ක් පහලට ගිය හැටි

2018-10-22 01:24:00       752
feature-top
ලිඳුල පොලිස් වසමට අයත් ඩයගම- තලවාකැලේ ප්‍රධාන මාර්ගයේ නාගසේන නගරය ආසන්නයෙදී ත්‍රීරෝද රථයක් රාත්‍රීයේ දී අඩි 100 ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා  ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇත.

ඊයේ(21) රාත්‍රීයේ මෙම අනතුර සිදුව ඇති අතර, පසුව තුවාල කරුවන් ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ නිසා ඔහු වැඩිදුර ප්‍රථිකාර සඳහා නුවරඑලිය මහ රෝහල වෙත මාරු කර යැවූ බව ලිඳුල රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

ත්‍රීරෝද රථය නාගසේන නගරයේ සිට තලවාකැලේ දක්වා ධාවනය කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන ලිඳුල පොලීසිය පවසයි.
(under the courtesy of adaderana.lk news web)

More News »