තද වැස්සට ඉහළ කොත්මලේ ඇරෙයි

2018-10-22 12:22:00       269
feature-top
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පස්වරු කාලයේ ඇඳ හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද (22) අළුයම විවෘත වී තිබේ.

මෙම වාන් දොරටුව ස්වයංක්‍රීයව විවෘත වී ඇති බව ද ජලාශයභාර ඉංජිනේරුවරුන් පවසති.

වාන් දොරටුව විවෘත්ත වීමත් සමඟ කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර, එම ඔයේ ජලය පරිහරණය කරන ජනතාවට විමසිලිමත්වන ලෙස දිස්ත්‍රික් ආපදා කළමණාකරණ අංශය ඉල්ලා සිටී.


(under the courtesy of adaderana.lk news web)

More News »