"බෆල් අස්සේ වීඩියෝ කැමරා" සම්භාහන ගණිකා මධ්‍යස්ථානයේ අපූරූ ජාවාරමක්, පාරිභෝගිකයන්ගේ ලිංගික ක්‍රියා වීඩියෝ කරලා!

2018-09-22 10:41:00       1116
feature-top
සිය පාරිභෝගිකයන්ගේ අසභ්‍ය දර්ශන රූගත කිරීමේ ජාවාරක යෙදුනු ගණිකා මධ්‍යස්ථානයක් පිළිබද වාර්තා වෙනවා.

මෙම ගණිකා මධ්‍යස්ථානය ආයුර්වේද සම්භාහන ආයතනයක්‌ ලෙස නුගේගොඩ හයිලෙවල් පාරේ දෙමහල් ගොඩනැඟිල්ලක ඉහළ මහලේ පවත්වාගෙන ගොස් තිබේ. පසුගිය දින පොලීසිය විසින් සිදු කළ වැටලීමකදී  ගණිකා වෘත්තිය සඳහා පැමිණි කාන්තාවන් දෙදෙනකු සමඟ එහි කළමනාකාරිනිය අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස 35 ත් - 40 ත් අතර පසුවන අම්බලන්තොට, නුවර හා අනුරාධපුර පදිංචිකාරියන් බව පොලිසිය හඳුනාගෙන ඇත.
 
මෙහිදී රුපියල් 3500 ක්‌ ගෙවා පොලිස්‌ උපාය දූතයකු යොදවා මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත. සැකකාරියන් කළ ප්‍රකාශ අනුව අදාළ ස්‌ථානයේදී රුපියල් 3500 සිට 10,000 දක්‌වා මිල ගණන්වලට කාන්තාවන් අලෙවි වී ඇති අතර ඉහළ පෙළේ ප්‍රභූන් හා ධානපතීන් එහි පහස විඳ ඇතැයි පොලිසිය සඳහන් කරයි.
 
වැඩිදුරටත් කළ පරීක්‍ෂාවේදී කාමරවල තිබූ බෆල් තුළ සවි කළ කුඩා වීඩියෝ කැමරා මගින් පටිගත කිරීමේ පද්ධතියක්‌ ක්‍රියාත්මක වෙමින් පැවැති බවත් පොලිසිය අනාවරණය කරගෙන ඇත. ඒ අනුව ගණිකා මධ්‍යස්‌ථානයේ දර්ශන ඡායාරූප හා වීඩියෝගතකර කූට ජාවාරමක්‌ ද කර ඇතැයි පොලිසිය සැක කරයි.

(under the courtesy of nethgossip.lk news web)

More News »