STF ගත්ත මාළු කිලෝ 2000 ඉල්ලා ධීවරයින් පාරට

2018-08-20 11:54:00       654
feature-top
පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකට විරෝධය පළ කරමින් ත්‍රිකුණාමලය කුච්චවේලි පොලිස් වසමේ පොඩොවකට්ටුව කලපුව අසල ධීවරයින් පිරිසක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වෙනවා.

ධීවර බෝට්ටුවක් හරස් කරමින් විරෝධය දක්වන ධීවරයින් පෙන්වා දෙන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් මාළු කිලෝ 2000කට ආසන්න ප්‍රමාණය නීති විරෝධි ක්‍රම භාවිතා කරමින් අල්ලන ලද්දක් නොවන බවයි.

මෙම මාළු තොගය STF නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එය නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් අල්ලන ලද මාළුන් බවට සඳහන් කරමින්.

(මේ සම්බන්ධ වීඩියෝවක් පහතින් දැක්වෙයි)



(under the courtesy of nethnews.lk news web)

More News »