ඇමතිගේ හයිය පෙන්වා හෝටලය කුඩු කළ තුන්දෙනෙක් අල්ලයි (VIDEO)

2018-08-20 10:19:00       709
feature-top
පුත්තලම ආණමඩුව ආඬිගම නගරය ආසන්නයේ පිහිටි හෝටලයකට පහරදුන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

ඉකුත් සෙනසුරාදා රාති‍්‍රයේ ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් මෙම හෝටලයට පහරදී දැඩි අලාභ හානි සිදු කර තිබුණා.

ඔවුන් රුපියල් ලක්ෂ එකහමාරකට අධික මුදලක්ද කොල්ල කා ඇති බවයි හෝටලයේ හිමිකරු ප‍්‍රකාශ කර ඇත්තේ. 

පහරදීම සඳහා තියුණු ආයුධ රැගත් සිව්දෙනෙකු පැමිණ තිබුණා.

ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන අයෙකු ඊට සම්බන්ධ බවටයි පැවසෙන්නේ. ඔහු ඇතුළු පිරිස කලක් තිස්සේ ලබා ගත් ආහාරවලට අදාළ මුදල් ගෙවන ලෙස හෝටලයේ හිමිකරු කළ ඉල්ලීම මෙම පහරදීමට හේතුවී ඇති බවටද සැක කෙරෙනවා.

හෝටලයේ හිමිකරු සඳහන් කළේ ප්‍රදේශයේ ඇමතිවරයෙකුගේ නම කියමින් තර්ජනය කරමින් පහර දුන් බවයි.

(ඒ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැක්වෙයි) 


(under the courtesy of nethnews.lk news web)

More News »