දුම්රිය වර්ජකයන් හදිසියේ ජනපති සමග සාකච්ඡාවකට ගිය හැටි නියෝජ්‍ය ඇමති හෙළිකරයි

2018-08-20 10:18:00       545
feature-top
යළි දුම්රිය වර්ජනයක් සිදුවුවද මගීන්ට සිදුවන අපහසුතා අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. තවත් මාස 06ක් ඇතුළත ඕනෑම වර්ජනයක් කි‍්‍රයාත්මක වන අවස්ථාවක සියලූම දුම්රියන් ධාවනය කිරීමට සූදානම් බවයි ඔහු අවධාරණය කළේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුලියාපිටියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඉකුත් දා පැවැති දුම්රිය වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති ගත් තීරණය පිටුපස ඇති කතාවද ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැහැදිළි කළා.

එහිදී "ඒ වැඩ වර්ජනය වෙලාවේ අපි රජයක් වශයෙන් කෙලින් හිටියා. අගමැතිතුමා..මුදල් අමාත්‍යවරයා..ඇමතිවරයා.. මම අපි සියල්ලම හිටියේ වැඩ වර්ජනය අවසන් කරලා සාකච්ඡාවට එන්න කියන තැන. ඔය එළියේ කියන දේ නෙමෙයි ඇතුළේ සිද්ධ වුණේ. ඔවුන් වැඩවර්ජනය අස්සේ විවිධ ඇමතිවරුන් හරහා අපිට සාකච්ඡාවක් ඉල්ලලා හිටියා. සමහරු කිව්වා පඩි වැඩිවීම් අවශ්‍ය නෑ..සකච්ඡාවක් දෙන්න කියලා. ඒ අවස්ථාවේ ජනාධිපතිතුමා ඉඳලා තියෙන්නේ පොළොන්නරුවේ..ඒ විදිහට එතුමාගේ පක්ෂයේ ඇමතිවරයෙක්ට කතා කරලා මේ දුම්රිය වෘත්තීය සමිති නායකයෝ එතනට ගිහින් තියෙනවා. ඒ සාකච්ඡාවෙන් පස්සේ ජනාධිපතිතුමා මට කතා කරලා වෙච්ච දේ කිව්වා. හැබැයි වර්ජකයන් මාධ්‍යට ඇවිත් කිව්වේ වෙනස් දෙයක්. එක පාරට වැඩට ආපුවම එයාලටත් ලැජ්ජාවක් ඇති.. ඒක නිසා තමයි බොරු කිව්වේ. යනුවෙන් සඳහන් කළා." යනුවෙන් සඳහන් කළා.

දෛනිකව දුම්රියෙන් ගමන් කරන සංඛ්‍යාව ලක්ෂ 05කට ආසන්නයි. පෞද්ගලික බස් රථවල මගීන් ලක්ෂ 75ක් ගමන් කරන අතර ලංගම බස් රථවල ගමන් කරන සංඛ්‍යාව ලක්ෂ 25ක්.

(under the courtesy of nethnews.lk news web)

More News »