විජයකලා ගැන පියවර ගත යුතු ක්‍රමවේදය නීතිපති කථානායකට දන්වයි
2018-08-19 02:34:00  ★ 847

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනී, විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ වාර්තාවලට අනුකූලව ගතයුතු නීතිමය පියවර සම්බන්ධයෙන් පරීක්ෂා කරන බව නීතිපති දෙපාර්තමේන්තුව කථානායක කරූ ජයසූරිය වෙත දැනුම් දී තිබෙනවා.
ඊට අමතරව පාර්ලිමේන්තුව විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට අදාළව කිසියම් පියවරක් ගැනීමට අපේක්ෂාවෙන් සිටින්නේ නම් එම පියවර ස්ථාවර නියෝග යටතේ ගැනීමට කටයුතු කරන ලෙසයි නීතිපති දෙපාර්තමේන්තුව කථානායකවරයාට උපදෙස් ලබාදී ඇත්තේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනී, විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලබා ගත් ප්‍රකාශ සටහන් ඇතුලත් වාර්තාව නීතිපතිවරයා වෙත භාරදී ඇති බව පොලීසිය පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
විමර්ශන සිදුකරන පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය එහිදී වැඩිදුරටත් සදහන් කළේ ප්‍රකාශ 59 ක් ඊට අදාළව සටහන් කරගෙන ඇති බවයි.
මැති ඇමතිවරුන් හය දෙනෙකු, රාජ්‍ය නිලධාරින් 14 දෙනෙකු සහ මාධ්‍යවේදීන් 30 දෙනෙකු එම ප්‍රකාශ ලබාදී තිබුණා.
එහිදී කරුණු සලකා බැලූ අධිකරණය නඩුව ඔක්තෝම්බර් 19 වනදා යළි කැදවීමට නියෝග කළා.
(under the courtesy of hirunews.lk news web)

පාඨමාලා ගාස්තු අඩු කරන්න ඉල්ලා විවෘත විශ්වවිද්‍යාල සිසුන් පාරේ
2019-02-23 03:50:00කංජිපානිගේ තවත් සමීපතමයෙක් මාට්ටු
2019-02-23 03:48:00මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතනයකට..දේශපාලන කුමන්ත්‍රණයක්දැයි සැක..
2019-02-23 02:55:00කුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්
2019-02-23 02:48:00පොලීසිය තුළදීම මුගුරකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි
2019-02-23 02:12:00ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ඝාතනවලට විරෝධය පා රත්ගම වැසියන් ගාලූපාර වසයි.
2019-02-23 02:02:00මොන ඡන්දෙ ආවත් අපි ලෑස්තියි
2019-02-23 01:47:00'ඛේමාගේ කොලුවා' මංගල දේශපාලනයේ 30 සමරයි..කොළඹ ලොකු උත්සවයක්..ඇමරිකාවෙනුත් එයි
2019-02-23 01:34:00විද්‍යාපීඨ අයදුම්පත් 80,000ක්..බදවා ගැනීම දැඩි අර්බදයක්..
2019-02-23 01:28:00සප්ත කන්‍යා කඳුවැටිය තරණයට සංචාරකයන්ට අවස්ථාව
2019-02-23 01:23:00ඒඩ්ස් (HIV) පරීක්ෂණයක් කරන්න රන්ජන් බෑ කියයි..
2019-02-23 12:18:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com