වසර ගණනාවක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ සිටි දෙන්නෙක් කොටු

2018-08-19 12:42:00       637
feature-top
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන බී. බෞද්ධසාර සහ ඩැනී සුනීතා හෙවත් 'ජානි චූටි' පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොලොන්නාව සිංහපුර ප‍්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 04ක් සහ රුපියල් 3,000ක මුදලක් සොයා ගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ.

මෙම සැකකරුවන් වසර ගණනාවක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නන් බවයි පැවසෙන්නේ. සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු ගණනාවක් පවතින බවද පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවා.

(under the courtesy of nethnews.lk news web)

More News »