වැසි සහ සුළං 20වනදා සිට අඩුවන බවට අනාවැකි

2018-08-18 03:48:00       556
feature-top
දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපා ඇති වැසි සහ සුළං තත්ත්වය අගෝස්තු මස 20වනදා සිට තරමක් අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව අද (18) පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අද දිනයේද මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්. දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම, වයඹ, උතුරු මැද, දකුණ, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, බදුල්ල, තී‍්‍රකුණාමලය සහ මඩකලපුව දිස්ති‍්‍රක්කවලත් විටින්විට හමන පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් දක්වා තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

More News »