බස් සේවක අකුරට වැඩ හොදකට පෙරළෙයි

2018-08-18 03:24:00       656
feature-top
දින දෙකක් කෙරුණු වැඩවර්ජනය අවසන් කර පෞද්ගලික බස්රථවල සේවකයන් ඊයේ (17) මධ්‍යම රාති‍්‍රයේ සිට අකුරට වැඩ කිරීමට පටන්ගත් බව සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය පවසනවා. එහෙත් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් මාර්ගයේ හදුනාගත නොහැකි බවයි ක්‍ෂේත‍්‍ර චාරිකාවන්හි යෙදුණු  නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. බස්රථවල සේවකයන් අකුරට වැඩකිරීම යනු කුමක් දැයි මගීන්ද ප‍්‍රශ්න කළා.

ඒ අනුව මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය සිදුවන්නේ කෙසේ දැයි  සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමයෙන්ද විමසා සිටි අතර එහි ප‍්‍රධාන සංවිධායක යූ කේ කුමාරරත්න රේණුක පැවසුවේ බස්රථවල සේවකයන්ට පවා ඒ පිළිබද පැහැදිලි වැටහීමක් නොමැති බවයි.

මෙහිදී ප‍්‍රකාශ කෙරුණු සියළු කරුණු වෙනත් පාර්ශවයක් විසින් ඉටුකළ යුතු ඒවායි. එහෙත් අකුරට වැඩ කිරීමකදී එම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයට එළඹෙන අය විසින් ඉටුකරන දේ ද තිබෙනවා. බස් රථ සේවකයන් එලෙස කරන්නේ මොනවා දැයි  මෙහිදි වැඩිදුරටත් ප‍්‍රශ්න කළා. 
ඊට පිළිතුරු දෙමින් යූ කේ කුමාරරත්න රේණුක පැවසුවේ ලොග් පත‍්‍රවල සටහන් තැබීම සහ නිල ඇදුමක් ලබාදී ඇත්නම් එය අනිවාර්යයෙන් ඇද සිටීම වැනි කරුණු බස් රථ සේවකයන් විසින් සිදුකරන බවයි. 

කෙසේවෙතත් රටපුරා බස් ධාවනය මේ දක්වා සාමාන්‍ය පරිදි සිදුවන බව  නිරීක්‍ෂණය වුණා.

(under the courtesy of nethnews.lk news web)

More News »