"ත්‍රිරෝද රියදුරු වයස් සීමාව ගැන ඇමතිගේ ප්‍රතිචාරය ?"

2018-08-18 09:35:00       563
feature-top
ත්‍රිරෝද රථ සඳහා අලුතින් ක්‍රියාත්මක කරන ලද අවම වයස් සීමාව දැනට බලපත්‍ර ලබා සිටින ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා අදාළ නොවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මගීන් ප්‍රවාහනය කිරීම සඳහා ත්‍රිරෝද වෙනුවෙන් බලපත්‍ර ලබා ගන්නා පුද්ගලයන්ගේ අවම වයස අවුරුදු 35 සම්පූර්ණ විය යුතු බවට නීතිගත කර තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා මේ වනවිට බලපත්‍ර ලබා සිටින කිසිවකුට එය අදාළ නොවන බව ද ඉදිරියේ දී අලුතින් බලපත්‍ර ලබාගන්නා පුද්ගලයන්ට පමණක් අදාළ වයස් සීමාව වලංගු වන බව ද කියා සිටී.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ශ්‍රවාණාගාරයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ නිවෙස්වල ප්‍රයෝජනය සඳහා ත්‍රිරෝද රථ භාවිත කරන පුද්ගලයන්ට ද මේ නීතිය අදාළ නොවන බවත් කුලී රථ සඳහා පමණක් එම නීතිය වලංගු බවත්ය.

සෑම ත්‍රිරෝද රථයක් සඳහාම මීටරයක් සවි කළ යුතු බව පෙන්වා දුන් ඒ මහතා මීටර් සවිනොකර ඇත්නම් නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසිය සතු බව ද ත්‍රිරෝද රථ වෙනුවෙන් ප්‍රමිතියක් සකසා තිබෙන බව ද පැවැසීය.


(under the courtesy of srilankamirror.lk news web)

More News »