කොළඹ නගරයේ හොරෙන් විදුලිය ගත්ත 110ක් වැටලීමකදී කොටුවෙයි

2018-08-18 09:20:00       634
feature-top
විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ෂණ ඒකකය හා පොලිසිය එක්ව අද (18) උදෑසන කරන ලද වැටලීමකින් තොටළඟ කජීමා වත්තහි අනවසරයෙන් විදුලිය ලබාගත් නිවාස 110ක පමණ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබෙනව බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන පැවසුවා. 

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔවුන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

(under the courtesy of nethnews.lk news web)

More News »