දෙහිවල ආයුර්වේද සම්භාහන ආයතනයක පාලිකාවට ඒඩ්ස්‌; ඇඳ සිටි ඇඳුම පිළිබඳ මහෙස්‌ත්‍රාත්වරියගෙන් දැඩි අවවාද

2018-08-17 10:07:00       544
feature-top
දෙහිවල ගුවන්පාලම අසළ ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යන මුවාවෙන් ගණිකා සේවයේ යෙදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් කාන්තාවන් හත්දෙනා අතර සිටි එහි ප්‍රධාන පාළිකාවට එච්.අයි.වී. (ඒඩ්ස්‌) රෝගය වැළඳී ඇති බවට වෛද්‍ය පරීéණයේදී අනාවරණය වූ බව දෙහිවල පොලිසිය කියයි.
 
 ඉකුත් මස 6 වැනි දින දෙහිවල පොලිසියට ලද තොරතුරක්‌ අනුව එම ගණිකා නිවාසයේ සිටි කළමනාකරු හා කාන්තාවන් හත්දෙනා අත්අඩංගුවට ගැණින. ඔවුන් සියලු දෙනා ගල්කිස්‌ස අතිරේක මහෙස්‌ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය වෙත ඉදිරිපත්කිරීමෙන් අනතුරුව වෛද්‍ය පරීéණයට යොමුකර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබූ බව පොලිසිය කියයි.
 
 ඉකුත් 17 වැනිදා නඩුව යළි කැඳවූ අවස්‌ථාවේදී අදාළ වෛද්‍ය පරීක්‌ෂණ වාර්තාවලින් ප්‍රධාන පාළිකාවට එම රෝගය වැළඳී තිබෙන බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි.
 
 මෙම නඩුවට පෙනී සිටීම සඳහා අධිකරණයට පැමිණි සැකකාර කාන්තාවන් හැඳ සිටි ඇඳුම් සම්බන්ධයෙන් දැඩි ලෙස අවවාද කළ මහෙස්‌ත්‍රාත්වරිය ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට තම සේවාදායකයන් ගෞරවනීය ස්‌ථානයක්‌ ලෙස සලකා අධිකරණයට පැමිණෙන අවස්‌ථාවේදී හැඳ සිටිය යුතු ඇඳුම් පිළිබඳව සැලකිලිමත් වන ලෙසද වැඩිදුරටත් අවවාද කළාය. දෙහිවල පොලිසිය පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.

(under the courtesy of nethnews.lk news web)

More News »