ත්‍රස්ත තර්ජන හමුවේ හජ් වන්දනාවට සවුදියට ජන ගඟක් : ආරක්ෂාව දැඩි කෙරේ (PHOTOS)

2018-08-17 09:59:00       614
feature-top
මෙවර හජ් වන්දනාව සදහා මිලියන දෙකකට අධික මුස්ලිම් බැතිමතුන් සංඛ්‍යාවක් සිය රටට පැමිණෙනු ඇති බව සවුදි අරාබිය නිවේදනය කරනවා.

සවුදි පුවත් සේවය සදහන් කරන්නේ මේ වන විටත් මිලියනයකට ආසන්න බැතිමතුන් පිරිසක් පුජනිය මක්කම වෙත පැමිණ ඇති බවයි.

ඉතා විශාල බැතිමතුන් පිරිසකට අවශ්‍ය සෞඛ්‍ය හා අනෙකුත් අවශ්‍යතාවයන් සපුරාලීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇති බවයි එරට මාධ්‍ය සදහන් කරන්නේ.

පවතින ත්‍රස්තවාදී තර්ජනයන් හමුවේ බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි ආරක්ෂක වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමටද සවුදි රජය විසින් පියවර ගෙන ඇති බව සදහන්.

වාර්ෂික හජ් වන්දනා සමය අගෝස්තු 19 සිට 24 දක්වා පැවැත්වීමට නියමිතයි. 


(under the courtesy of nethnews.lk news web)




More News »