රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධනය කෙරේ

2018-08-15 05:01:00       546
feature-top
රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කළ එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට  කොළඹදී අද එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක සඳහන් කළේ.

ඒ අනුව මෙම පනත සංශෝධනය කිරීම සඳහා කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධනය කෙරේ.

(under the courtesy of hirunews.lk news web)

More News »