ඉහළ කොත්මලේ ජලාශයේ තවත් වාන් දොරටු විවෘත විය හැකියි (PHOTOS)

2018-08-15 10:19:00       550
feature-top
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 03ක් අද (15) අලුයම ස්වයංක‍්‍රීයව විවෘත වී තිබෙනවා.

ඒ සමග කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් සෙන්ක්ලෙයාර් දිය ඇල්ලේද ජල ධාරිතාව ඉහළ ගොස් ඇති බවයි  නිවුස් වාර්තාකරු පැවසුවේ.

තවදුරටත් වැසි ඇදහැළුණ හොත් ඉහළ කොත්මලේ ජලාශයේ සෙසු වාන් දොරටු ද විවෘත විය හැකි බැවින් ජාලශය දෙපස ජනතාවට අවධානයෙන් පසුවන ලෙස විදුලිබල ඉංජිනේරුවරුන් දැනුම් දීමක් ද කර තිබෙනවා.

මේ අතර ලක්ෂපාන ජලාශයේ ද වාන් දොරටු 03ක් අද අලූයම සිට විවෘත කර ඇති බවයි  නිවුස් වාර්තාකරු පැවසුවේ. ඒ හේතුවෙන් කැළණි ගගේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)




More News »